නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සතු කොළඹ පිහිටි මහල් නිවාස සංකීර්ණ 24ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ‘මෙට්‍රො අප්ලිෆ්ට්’ (Metro Uplift) ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී වැඩපිළිවෙළේ පළමු අදියර කොලොන්නාව ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1,288 කට (රුපියල් මිලියන 128.8 ක්) අධික මුදලක් වැය කිරීමට නියමිතයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ‘ලක්සඳ සෙවණ’ පරිශ්‍රයේදී මෙහි සමාරම්භක කටයුතු සිදු කෙරුණා.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහල් නිවාස සංකීර්ණ තුළ ක්‍රමවත් කසළ කළමනාකරණය, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, අබලන් වූ විදුලි සෝපාන (Lifts) පද්ධති නවීකරණය කිරීම මෙන්ම නිවැසියන් වෙනුවෙන් විවිධ සුබසාධන සහ භෞතික සම්පත් ලබාදීම ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.














