අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකු සඳහා වන නව පත්වීම්වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාව මඟින් මෙම අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙලෙස අනුමැතිය හිමිව ඇති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත පරිදි වනවා.
එයාර් වයිස් මාර්ෂල් එච්.එස්.එස්. තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් එල්. මොහොමඩ් නවාවි මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. මීට අමතරව ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සහ ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.














