• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ කමිටුව තෙවන වරට රැස් වෙයි

2 April 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවය ක්‍රමානුකූලව  පවත්වාගෙන යාම සඳහා පත් කළ  කමිටුව තෙවන වරට රැස් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පසුගියදා (01) පැවැත්වුණා. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලීමට ලක්කළා. එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වීම සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42% ක ඉතිරියක් කර ඇති අතර විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර විශ්වවිද්‍යාල හැකි සෑම අවස්ථාවකදීම මාර්ගගතව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කර තිබූ ආකාරයටම පැවැත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙහිදී දැනුම් දුන් අතර ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගනිමින් හෝ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවා.
රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ බලශක්ති කළමනාකරණය අධීක්ෂණය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා රාජ්‍ය ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉතිරි කර ඇති බලශක්ති ප්‍රමාණය මීළඟ කමිටු රැස්වීමට වාර්තා කළ යුතු වනවා. මේ අතර ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීම සහ විකල්ප ජල මූලාශ්‍ර භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන එක්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට නියමිතයි. අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත් ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. තවද දෛනික බලශක්ති පරිභෝජනය, සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය සේවක පැමිණීම ආදිය Dashboard එකක් ඔස්සේ ප්‍රදර්ශනය කරමින් අදාළ කටයුතු අධීක්ෂණය කිරීමට සහ තීරණ ගැනීමටද මෙහිදී අවධානය යොමු වීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් රැසක් සම්බන්ධ වී සිටියා.
Post Views: 2
Previous Post

ඉරාක අහසේදී ඇමෙරිකානු F-15 යානයක් සහ ඉරාන ‘ෂාහෙඩ්’ (Shahed) ඩ්‍රෝනයක් අතර ගුවන් සටනක්

Next Post

මැදපෙරදිග නොසන්සුන්තාවය හමුවේ සෞදි අරාබි සහ බහරේන් Grand Prix තරග අවලංගු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග නොසන්සුන්තාවය හමුවේ  සෞදි අරාබි සහ බහරේන් Grand Prix තරග  අවලංගු කෙරේ

මැදපෙරදිග නොසන්සුන්තාවය හමුවේ සෞදි අරාබි සහ බහරේන් Grand Prix තරග අවලංගු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
කුමන අභියෝග පැමිණිය ද  රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

කුමන අභියෝග පැමිණිය ද රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

2 April 2026
ගොවි ජනතාවට අඛණ්ඩ  පොහොර සැපයුමක් තහවුරු කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණයි

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved