නුවරඑළිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා පැවති අධික වියළි කාලගුණය සහ දැඩි උණුසුම් ස්වභාවය අවසන් කරමින් අද (02) පස්වරු 3:00 සිට 4:00 දක්වා කාලය තුළ ප්‍රදේශයට තද වැසි පතිත වූ බව අප වාර්තාකරු සඳහන් කරනවා.
පසුගිය දිනවල පැවති මෙම දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළියේ ප්‍රකට එළවළු වගාවට මෙන්ම තේ වගාවන්ටද දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබුණා. අද පතිත වූ මෙම වැසි තත්ත්වයත් සමඟ වගා බිම්වලට මෙන්ම ප්‍රදේශවාසීන්ටද විශාල සහනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.













