ශ්‍රී ලංකාවේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සහ නේපාලයේ ත්‍රිභුවාන් විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන, පර්යේෂණ සහ ශිෂ්‍ය හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුත් නව අවබෝධතා ගිවිසුමක් (MoU) අද (02) නිල වශයෙන් අත්සන් කරන ලදී. මෙමගින් දෙරට අතර ජාත්‍යන්තර ශාස්ත්‍රීය සහයෝගිතාව නව මානයකට රැගෙන යාමට අපේක්ෂිතය.
මෙම සුවිශේෂී සබඳතාවයේ මූලික පියවරක් ලෙස, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයන අංශය සහ ත්‍රිභුවාන් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හා ජනසන්නිවේදන මධ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දෙවසරක ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් (Master’s Degree) ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළ හරහා දෙරටේම ජනමාධ්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. දෙරටේ සංස්කෘතික හා තාක්ෂණික හුවමාරුව ශක්තිමත් කරමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය, කලාපීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.
















