2026 මාර්තු 02 වනදා ආරම්භ වූ දරුණු යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව අද (අප්‍රේල් 02) වන විට 1,345 දක්වා ඉහළ ගොස් ඇති බව එසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි. මෙම බිහිසුණු සංඛ්‍යාලේඛනවලට අනුව මියගිය පිරිස අතර අහිංසක දරුවන් 125ක්, කාන්තාවන් 91ක් සහ සෞඛ්‍ය සේවකයින් 53ක් ඇතුළත් වීම ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
පසුගිය පැය 24 තුළ පමණක් එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 105 දෙනෙකු තුවාල ලබා ඇත. යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 4,040ක් වන අතර, මිලියනයකට අධික පිරිසක් (ලක්ෂ 10ක්) තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා පලාගොස් තිබේ. විශේෂයෙන්ම හදිසි වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථාන 82ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලෙබනනයේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, පවතින මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත් වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














