අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමීපතම විශ්වාසවන්තියක වූ නීතිපතිනි (Attorney General) පැම් බොන්ඩි (Pam Bondi) අතර දැඩි විරසකයක් හටගෙන ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් (NYT) පුවත්පත අද (අප්‍රේල් 02) අනාවරණය කර තිබේ. ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැඩි කලකිරීමකට පත්ව සිටින බවත්, ඇයව නීතිපති ධුරයෙන් ඉවත් කිරීම (Firing) පිළිබඳව ඔහු මේ වන විටත් සිය උපදේශකයින් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කරමින් සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.
පැම් බොන්ඩි යනු ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ අධිකරණ දෙපාර්තමේන්තුව මෙහෙයවීමට පත් කළ ප්‍රබලතම නිලධාරිනිය වන අතර, ඇයව මෙලෙස හදිසියේ ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අමෙරිකානු දේශපාලන කරළිය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම රජයේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ පරිපාලනමය තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇය අතර ඇති වූ මතභේද මෙම තීරණයට සෘජුවම බලපා ඇති බව පැවසේ. මෙම පුවත සත්‍ය වුවහොත්, එය ට්‍රම්ප් පරිපාලනය තුළ සිදුවන ප්‍රධානතම දේශපාලන පෙරළියක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.













