දිවයිනේ බොහෝ ප්රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම පස්වරු 2.00 න් පසු දිවයිනේ විවිධ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මීට අමතරව නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. මධ්යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල මෙන්ම වව්නියාව සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

















