බ්‍රිතාන්‍යයේ අතිශය ජනප්‍රිය උදෑසන ආහාරයක් වන මාමලේඩ් (Marmalade) ඉදිරියේදී වෙළඳපොළ තුළ පැඟිරි මාමලේඩ් (Citrus Marmalade) යන නව නාමයෙන් විකිණීමට සිදුවනු ඇති බව වාර්තා වේ යුරෝපා සංගමය සමඟ ඇති කර ගැනීමට නියමිත නව ආහාර ගිවිසුමකට අනුව මෙම වෙනස සිදු කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබේ බ්‍රිතාන්‍ය අපනයනකරුවන්ට යුරෝපා වෙළඳපොළ තුළ පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ වෙළඳාම දිරිමත් කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි
මීට පෙර බ්‍රිතාන්‍ය නීතියට අනුව මාමලේඩ් ලෙස හැඳින්විය හැකි වූයේ පැඟිරි කුලයේ පලතුරුවලින් නිපදවන දෑ පමණි එහෙත් යුරෝපා සංගමය සිය නීති ලිහිල් කරමින් ස්ට්‍රෝබෙරි හෝ වෙනත් පලතුරුවලින් නිපදවන ජෑම් වර්ග සඳහා ද මාමලේඩ් යන නාමය භාවිතා කිරීමට අවසර දී තිබේ මේ නිසා බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික තැඹිලි පලතුරෙන් නිපදවන මාමලේඩ් අනෙකුත් පලතුරු මාමලේඩ්වලින් වෙන් කර හඳුනා ගැනීම සඳහා පැඟිරි මාමලේඩ් යන විශේෂ නාමය භාවිතා කිරීම අනිවාර්ය වනු ඇත
මෙම නීතිමය වෙනස දැනටමත් උතුරු අයර්ලන්තය තුළ ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉදිරියේදී එංගලන්තය වේල්සය සහ ස්කොට්ලන්තය සඳහා ද මෙය බලපැවැත්වෙනු ඇත ඇතැම් දේශීය නිෂ්පාදකයින් පවසන්නේ මෙම නාම වෙනස පාරිභෝගිකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි බවයි එහෙත් ජාත්‍යන්තර වෙළඳ ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා මෙම වෙනස අත්‍යවශ්‍ය බව රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වේ පෑඩිංටන් බෙයාර් (Paddington Bear) වැනි ලෝක ප්‍රකට චරිත නිසා ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය මාමලේඩ් අනන්‍යතාවය රැක ගැනීමට මෙම නව නාමය කෙතරම් දුරට උපකාරී වේදැයි නිෂ්පාදකයින් අවධානයෙන් පසුවෙති














