ඉරාන යුද ගැටුම් හේතුවෙන් වසා දමා ඇති ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අතථ්‍ය (Virtual) සමුළුවට ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් 40ක් සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය සෘජුව දායක වී නොමැති අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම ජල මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම එයින් ප්‍රයෝජනය ලබන අනෙකුත් රටවල වගකීමක් බවයි. “ඉරානය ජාත්‍යන්තර නාවික මාර්ගයක් අවහිර කරමින් ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා,” යැයි විදේශ ලේකම් කූපර් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලොව පුරා බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර, එය රටවල් රැසක ව්‍යාපාර සහ නිවාස ඒකකවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මෙම නාවික මාර්ගය යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික විකල්ප පිළිබඳව මෙන්ම යුදමය සැලසුම් සකස් කිරීම සඳහා ලබන සතියේදී ලන්ඩන් නුවරදී හමුදා සැලසුම්කරුවන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.














