මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ පාරිභෝගිකයින් මුහුණ දී ඇති සහල් හිඟය මඟහරවා ගැනීම සඳහා පොන්නි සම්බා සහ කීරි පාල් පොන්නි ඇතුළුව ජීආර් 11 (GR 11) වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 1040 ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය ඒ අනුව ඕනෑම ආනයනකරුවෙකුට අප්‍රේල් මස 30 වනදා දක්වා මෙම සහල් ප්‍රභේදය මෙරටට ගෙන්වීමට අවසර හිමිවන අතර එම තොග මැයි මස 31 වනදාට පෙර රේගුවෙන් නිෂ්කාශනය කළ යුතු වේ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පර්යේෂණ ආයතන ලබාදුන් දත්තවලට අනුව 2025/26 මහ කන්නයේ නිෂ්පාදනය මෙරට සහල් අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව අනාවරණය වී තිබේ විශේෂයෙන්ම එළඹෙන මැයි මාසයේ සිට උග්‍ර සහල් හිඟයක් ඇති විය හැකි බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී ඇත මේ නිසා වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමටත් පාරිභෝගික ඉල්ලුම සපුරාලීමටත් මෙම විකල්ප සහල් වර්ග ගෙන්වීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව විසින් ද අවධාරණය කර තිබුණි
මෙම සහල් වර්ග ආනයනය කිරීමේදී ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් ආනයනකරුවන් නිදහස් කිරීමට ද රජය තීරණය කර ඇත මෙම පියවර හරහා සහල් මාෆියාව මැඩපවත්වා සාධාරණ මිලකට සහල් ලබා දීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි ඉදිරි මාස කිහිපය තුළ වෙළෙඳපොළේ සහල් මිලෙහි කැපී පෙනෙන වෙනසක් සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් ගත් මෙම තීරණය පිළිබඳව මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ














