• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්

3 April 2026
in දේශීය, පුවත්
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ  රැකියා සහ ආර්ථික වර්ධනය සඳහා  වසර පහක දැවැන්ත හවුල්කාරිත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම, පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සහ නව රැකියා උත්පාදනය අරමුණු කරගනිමින් ලෝක බැංකු සමූහය සහ ශ්‍රී ලංකා රජය එක්ව වසර පහක නව සහයෝගීතා රාමුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යකාලීන කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7ක මට්ටමකට ගෙන ඒමට සහ ඉදිරි දශකයේදී සේවා නියුක්ත වෙළඳපොළට එක්වන තරුණ පරපුර මුහුණ දෙන රැකියා අභියෝගයන්ට ස්ථිර විසඳුම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෑතකදී අත්පත් කරගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් රට තිරසාර මෙන්ම සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. වසර 70කට අධික කාලයක් පවතින ලෝක බැංකු සබඳතාව මෙම නව රාමුව ඔස්සේ තවදුරටත් ශක්තිමත් වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති ජොහැන්නස් සුට් මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව මෑත වසරවලදී දැක්වූ ප්‍රකෘතිමත් වීම ඉතා සුවිශේෂී වන අතර එහි ප්‍රතිලාභ කාන්තාවන්, තරුණ තරුණියන් ඇතුළු සමාජයේ මෙතෙක් අවධානයට ලක් නොවූ ප්‍රජාවන්ට පවා ගලා යාමට සැලැස්වීම මෙහි අපේක්ෂාව බවයි.
පෞද්ගලික අංශය මූලික කරගත් රැකියා නිර්මාණය කෙරෙහි මෙම හවුල්කාරිත්වය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරි වසර 10 තුළදී ලක්ෂ 10කට ආසන්න තරුණ පිරිසක් අලුතින් ශ්‍රම වෙළෙඳපොළට එක්වන බව බලධාරීන් ගණන් බලා තිබෙනවා. එහෙත් නව ආයෝජන සහ සීග්‍ර වර්ධනයක් ඇති නොවුණහොත් ආර්ථිකය තුළ නිර්මාණය කළ හැක්කේ විධිමත් රැකියා ලක්ෂ 3ක් පමණක් බවයි පුරෝකථනය කර ඇත්තේ.
මෙම හිඩැස පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා ඉදිරි වසර 5 ඇතුළත ඩොලර් බිලියන 1කට අධික ආයෝජනයක් සහ ලෝක බැංකුවෙන් ඉදිරි වසර 3 ඇතුළත ඩොලර් බිලියන 1ක සහනදායී ණය මුදලක් සම්පාදනය කිරීමට ලෝක බැංකු සමූහය කටයුතු කරනු ලබනවා. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, වෙළඳ ක්‍රියාවලීන් නවීකරණය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, සංචාරක හා කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම 2030 වන විට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා ඉහළ නැංවීමට මින් මූලික අවධානයක් යොමුව තිබෙනවා.
මෙම රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික දියුණුව වෙනුවෙන් ඩොලර් මිලියන 100ක වැඩසටහනක් ලෝක බැංකු මණ්ඩලය දැනටමත් අනුමත කර තිබෙනවා. එමඟින් කුඩා පරිමාණ ව්‍යාපාර සහ විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කරමින් 2031 වන විට නව රැකියා 3,000ක් පමණ බිහිවනු ඇතැයි අපේක්ෂිතයි. දැනටමත් ලෝක බැංකුව මඟින් අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම සහ සමාජ ආරක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ඩොලර් බිලියන 1.5කට වඩා වටිනා සක්‍රීය ව්‍යාපෘති 13ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබනවා.
Post Views: 0
Previous Post

සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනයට

Next Post

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කාර්කිව් නගරයට දැඩි හානි

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ  යුක්රේනයේ කාර්කිව් නගරයට  දැඩි හානි

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනයේ කාර්කිව් නගරයට දැඩි හානි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බදුල්ලේ ආපදාවට පත් ජනතාව  වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම  වැඩසටහන හෙට (04) ඇරඹේ

බදුල්ලේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම වැඩසටහන හෙට (04) ඇරඹේ

3 April 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින්  කුවේටයේ මිනා අල් අහමදි  තෙල් පිරිපහදුව ගිනි ගනී

ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේටයේ මිනා අල් අහමදි තෙල් පිරිපහදුව ගිනි ගනී

3 April 2026
ඉන්දියාවේ විනිසුරුවරුන් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් අපේක්ෂකයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ විනිසුරුවරුන් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් අපේක්ෂකයෙකු අත්අඩංගුවට

3 April 2026
කිමිදුම්කරුවන් වෙනුවෙන්  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ  මණ්ඩලයෙන් නව රක්ෂණ ක්‍රමයක්

කිමිදුම්කරුවන් වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නව රක්ෂණ ක්‍රමයක්

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බදුල්ලේ ආපදාවට පත් ජනතාව  වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම  වැඩසටහන හෙට (04) ඇරඹේ

බදුල්ලේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම වැඩසටහන හෙට (04) ඇරඹේ

3 April 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින්  කුවේටයේ මිනා අල් අහමදි  තෙල් පිරිපහදුව ගිනි ගනී

ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේටයේ මිනා අල් අහමදි තෙල් පිරිපහදුව ගිනි ගනී

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved