තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී කිසිදු බලපත්‍රයකින් තොරව නීතිවිරෝධී ලෙස ඉන්ධන තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදු කරන ලද විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙහිදී ඔවුන් සන්තකයේ තිබී ඩීසල් ලීටර් 2,045 ක විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 41 වැනි සහ 61 වැනි වියේ පසුවන ත්‍රිකුණාමලය සහ තඹලගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හඳුනාගෙන ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.














