Power World ශරීර සුවතා මධ්‍යස්ථාන ජාලය සහ Kings Hospital Colombo අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබා තිබෙනවා. මෙම හවුල්කාරීත්වය යටතේ Power World ආයතනය Kings Hospital හි නිල ශරීර සුවතා හවුල්කරු ලෙස ඉදිරියට කටයුතු කිරීමට නියමිතයි.
මෙරට ප්‍රධානතම ශරීර සුවතා සන්නාමය වන Power World වසර 30 කට අධික කාලයක් පුරා ලාංකිකයන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවලට හුරුකරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙම නව සබඳතාවයේ එක් සුවිශේෂී පියවරක් වශයෙන් Power World විසින් Kings Hospital හි සමස්ත කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සුවතාව වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ සුවතා වැඩසටහනක් හඳුන්වා දීමට නියමිතයි.
මෙය ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් දිනපතාම දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ කායික මෙන්ම මානසික සුවතාවය ඉහළ නැංවීමට මහඟු පිටුවහලක් වෙනවා. ඔවුන්ව නිරෝගී ජීවන රටාවකට යොමුකරවීම සඳහා Power World ආයතනය දරන මෙම උත්සාහය ඉතාම ප්‍රශංසනීය සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකියි.













