නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සවස් කාලයේදී තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක් අත්විඳීමට ලැබී තිබෙනවා. පසුගිය දිනවල පැවති දැඩි වියලි කාලගුණය සහ අධික උෂ්ණත්වය නිසා පීඩාවට පත්ව සිටි ප්‍රදේශවාසීන්ට මෙය විශාල සහනයක් ගෙන දුන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමක් හේතුවෙන් ලබුකැලේ ප්‍රදේශයේ යුකැලිප්ටස් ගසක් අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
ප්‍රදේශයේ පැවති මෙම දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළියේ එළවළු වගාවට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර, මුළු ප්‍රදේශය පුරාම උග්‍ර පානීය ජල හිඟයක්ද නිර්මාණය වී තිබුණා. මෙම වැසි සහිත කාලගුණයත් සමඟ එම පීඩාකාරී තත්ත්වයට යම් සහනයක් ලැබී ඇති බව සඳහන්.














