අද (අප්‍රේල් 03) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව ඩොලරයේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 318 ක් ලෙස නොවෙනස්ව පවතින බවයි වාර්තා වන්නේ.
විවිධ වාණිජ බැංකු කිහිපයක අද දින ඩොලරයේ විදේශ විනිමය අනුපාතිකයන් වාර්තා වී ඇත්තේ මෙලෙසිනුයි.
සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 312 සිට 312.35 දක්වාත්, විකුණුම් මිල රුපියල් 317.25 සිට 317.60 දක්වාත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එන්.ඩී.බී. බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.25 ක් සහ විකුණුම් මිල රුපියල් 318.75 ක් ලෙස වෙනස් නොවී පවතිනවා.
මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.77 සිට 311.72 දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.65 සිට 318.60 දක්වාත් සුළු වශයෙන් පහත වැටී තිබෙනවා. කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 310.32 ක් සහ විකුණුම් මිල රුපියල් 318.75 ක් ලෙසත්, සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.25 ක් සහ විකුණුම් මිල රුපියල් 318.75 ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.














