දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (අප්‍රේල් 03) දහවල් 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එහි සඳහන් වෙන්නේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ දැඩි සම්භාවිතාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලුම ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.














