ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම සිය 21 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සිය නිල වෙබ් අඩවිය වඩාත් ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කර ඇති අතර ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන්ම සකස් කළ නව ජංගම යෙදුමක්ද එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෙබ් අඩවිය සංකේතීයව දියත් කෙරුණු අතර ඒ සඳහා ආයතනයේ ප්‍රජා සත්කාර අංශ ප්‍රධානීන් ඇතුළු සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වුණා. පදනමේ ප්‍රතිලාභීන් සහ හවුල්කරුවන් පිළිබඳ තොරතුරු මෙන්ම පදනම මඟින් ඉටුවන මෙහෙවර වඩාත් පහසුවෙන් සහ පැහැදිලිව සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා.
සමූහයේ 15,000 කට අධික කාර්ය මණ්ඩලය ජෝන් කීල්ස් පදනමේ ස්වේච්ඡා මෙහෙවර සඳහා වැඩි වැඩියෙන් දිරිගැන්වීමේ අරමුණින් මෙම නව Volunteer යෙදුම නිර්මාණය කර ඇති අතර ඒ හරහා සම්බන්ධීකරණය සිදුකිරීම, ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ ස්වේච්ඡා ක්‍රියාකාරකම් වාර්තා කිරීම වඩාත් පහසු වන බවයි ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ. ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගයෙන් නිර්මාණය වූ මෙම යෙදුම මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින අතර එය අප්‍රේල් මාසයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි.
ජෝන් කීල්ස් පදනමේ ආයතනික ප්‍රජා සත්කාර අංශ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය සඳහන් කළේ පදනම සැමවිටම ජනතාවගේ යහපත සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි බවයි. අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය මෙන්ම ජෛව විවිධත්වය යන ප්‍රධාන අංශ 4 ක් ඔස්සේ ජෝන් කීල්ස් පදනම සිය ප්‍රජා සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම “ප්ලාස්ටික්සයිකල්” (Plasticcycle) වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීමටද ඔවුන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.














