ඉරාන-අමෙරිකානු යුද්ධයේ 36 වන දිනය වන අද (අප්‍රේල් 04) අමෙරිකා එක්සත් ජනපදය විසින් අතරමැදියන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද පැය 48ක හදිසි සටන් විරාම යෝජනාව (48-hour ceasefire) ඉරානය විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බව ඉරානයේ Fars පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන නියෝජිතයන් අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා ද ඉරානය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව යුදමය වාතාවරණය තාවකාලිකව හෝ නතර කිරීමට අමෙරිකාව ගත් මෙම නවතම උත්සාහය ද ව්‍යර්ථ වී තිබේ. ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු හමුදා කලාපයෙන් මුළුමනින්ම ඉවත් වන තෙක් කිසිදු සටන් විරාමයකට එකඟ නොවන බවයි. මෙම තීරණයත් සමඟ ඉදිරි පැය කිහිපය තුළ දෙපාර්ශවය අතර පවතින ගැටුම් තවදුරටත් දරුණු වීමේ අවදානමක් මතුව ඇති අතර, අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සිය ‘Operation Epic Fury’ මෙහෙයුම තීව්‍ර කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














