අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම අතිශය තීරණාත්මක මට්ටමක පවතින පසුබිමක, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ගුවන් අභ්‍යවකාශ බලකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජනරාල් සෙයියඩ් මජිඩ් මූසාවි (Gen. Seyyed Majid Moosavi) ගේ නිල X (පෙර Twitter) ගිණුම අත්හිටුවීමට (Suspend) X සමාගම අද (අප්‍රේල් 04) පියවර ගෙන ඇත.මෙම තහනමට පෙර ජනරාල් මූසාවි විසින් සිය X ගිණුම හරහා ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉලක්ක කරමින් දැඩි තර්ජනාත්මක පණිවුඩ රැසක් නිකුත් කර තිබුණි. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ ඔහු හීබෲ භාෂාවෙන් ඊශ්‍රායල වැසියන්ට අනතුරු අඟවමින් කියා සිටියේ “ළඟදීම බරපතළ ප්‍රහාර එල්ල වන බැවින් ආරක්ෂිත බංකර් (Shelters) සූදානම් කරගන්නා ලෙසයි.” මීට අමතරව, කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල සමාගම්වල සේවකයන්ට වහාම ඉවත් වන ලෙසත්, මින් ඉදිරියට ඉරානයේ ප්‍රතිපත්තිය “ඇසට ඇසක්” (Eye for an eye) යන සීමාවෙන් ඔබ්බට ගිය දැඩි පියවරක් වනු ඇති බවටත් ඔහු අනතුරු අඟවා තිබුණි.ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම සහ යුදමය තත්ත්වයන් හමුවේ සිවිල් වැසියන් භීතියට පත්කිරීම සම්බන්ධයෙන් පවතින X සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම මෙම ගිණුම අත්හිටුවීමට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ. 2025 වසරේදී අමීර් අලි හාජිසාදේගේ මරණයෙන් පසු ගුවන් අභ්‍යවකාශ බලකායේ ප්‍රධානියා ලෙස පත් වූ ජනරාල් මූසාවි, වර්තමාන යුද සමයේදී ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම්වල ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස සැලකේ. මොහු දැනටමත් අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නිලධාරියෙකු වන අතර, මෙම ගිණුම තහනම් කිරීමත් සමඟ ඉරාන හිතවාදී ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය හරහා සිය දැඩි විරෝධය පළ කරමින් සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














