දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04) ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මීට පෙර පැය 24 ක් ලෙස සැලසුම් කර තිබූ ජල කප්පාදුව පැය 18 ක් දක්වා අඩු කිරීමට මණ්ඩලය පියවර ගෙන තිබේ මේ අනුව එළැඹෙන අප්‍රේල් 10 වැනිදා දක්වා නියමිත කාලසටහනකට අනුව ඇතැම් ප්‍රදේශවලට වරින් වර ජල සැපයුම සීමා කෙරෙනු ඇත
හෝමාගම ප්‍රදේශයට ඊයේ (03) රාත්‍රී 8 සිට අද (04) පස්වරු 2 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති අතර පැලැන්වත්ත ප්‍රදේශයට අද රාත්‍රී 8 සිට හෙට (05) පස්වරු 2 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතය පාදුක්ක හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව දින තුනකට වරක් බැගින් සිදුකෙරේ මීට අමතරව බත්තරමුල්ල පාමංකඩ වැල්ලවත්ත සහ නාවල යන ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය 3 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ
වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍රවල ජල මට්ටම පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර ජල කප්පාදුව සිදුනොවන දිනවලදී අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි මේ දිනවල පවතින අධික උණුසුම නිසා ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී විශේෂයෙන්ම පානීය ජලය වාහන සේදීම හෝ ගෙවතු වගාවන් සඳහා අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙස ද උපදෙස් ලබා දී තිබේ














