දකුණු යුක්රේනයේ නිකොපොල් (Nikopol) නගරයේ පිහිටි කාර්යබහුල වෙළඳපොළක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන නීතිපති කාර්යාලය පවසයි ඊයේ (04) පෙරවරුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 14 හැවිරිදි දැරියක ඇතුළු තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර වෙළඳ කුටි සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව තිබේ රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවලට ආසන්නව පිහිටි මෙම නගරය නිරන්තරයෙන් රුසියානු ප්‍රහාරවලට ලක්වන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත
පසුගිය සිකුරාදා දින ද රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් 15 දෙනෙකු මියගිය අතර රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 300 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුක්රේන ගුවන් හමුදාව සඳහන් කරයි මේ අතර යුක්රේනය ද රුසියාවේ ටගන්රොග් (Taganrog) නගරයට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ රුසියානු හමුදා කර්මාන්ත ශාලා සහ සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් යුක්රේනය සිය ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති බව ද වාර්තා වේ
යුක්රේන ආරක්ෂක අංශ පවසන්නේ රුසියාවේ රබර් සහ පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයකට සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇති බවයි රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් (Luhansk) ප්‍රදේශයේ පිහිටි ලෝහ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු ද මෙම ප්‍රහාර හේතුවෙන් අඩාල වී ඇති බව යුක්රේන බුද්ධි අංශ තහවුරු කරයි දෙපාර්ශවයම සිය ප්‍රහාරක බලය දැඩි ලෙස යොදවමින් සිටින පසුබිමක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර යුද අපරාධ ලෙස විමර්ශනය කරන බව යුක්රේන බලධාරීහු වැඩිදුරටත් පවසති














