1971 අප්‍රේල් 5 වැනිදා සිදු වූ ඓතිහාසික ජනතා නැගිටීමේදී දිවි පිදූ තරුණ තරුණියන් සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 55 වැනි “අප්‍රේල් විරු සමරු” වැඩසටහන් ත්‍රිත්වයක් අද සවස 5.00 ට දිවයිනේ ස්ථාන තුනකදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වව්නියාව, බදුල්ල සහ මාතර යන නගරවලදී මෙම සමරු වැඩසටහන් පැවැත්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී වව්නියාවේ පැවැත්වෙන සමරුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ද, බදුල්ලේ සමරුව දේශපාලන මණ්ඩල සභික අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එසේම මාතර නගරයේ පැවැත්වෙන සමරු උළෙල සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රධානත්වය ලබා දීමට නියමිතයි.















