ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වෙන 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය එළඹෙන බදාදා (අප්‍රේල් 08) සහ බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) යන දිනවලදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම නෙළාගත් මහා කන්නයේ අස්වැන්නේ අග්‍ර ඵලය හෙවත් අලුත් සහල් පාත්‍ර, අලංකාර පෙරහරකින් ශ්‍රී මහා බෝධිය අභියසට වැඩම කරවීමෙන් අනතුරුව පූජා කිරීමේ ප්‍රධාන පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 ටයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උතුම් චාරිත්‍රය ඉටු කිරීමට නියමිතව තිබෙනවා.














