අහංගම ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් (Facebook party) අද (අප්‍රේල් 05) අලුයම ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් වටලා මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී අදාළ සාදයේ තිබී බියර් මිලි ලීටර් 38,280 ක් සහ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 5,750 ක් සුරාබදු භාරයට ගත් බවයි වාර්තා වන්නේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අලුත් අවුරුදු විශේෂ වැටලීම් වැඩසටහනට අනුව, දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබෙනවා. ගාල්ල සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සහ ගාල්ල සුරාබදු ස්ථානාධිපති එම්. ටී. අරුණ කාන්ත මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම් කාලයේදී මෙම සාර්ථක වැටලීම සිදු කරනු ලැබුවා.














