ඉරානය පුරා ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ අන්තර්ජාල විසන්ධිය (Internet blackout) අඛණ්ඩව 37 වන දිනටත් (පැය 864ක්) සක්‍රීයව පවතින බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks ආයතනය තහවුරු කර තිබෙනවා.
මෙම තත්ත්වය ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා නොවූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. මීට පෙර ලෝකයේ විවිධ රටවලින් වාර්තා වූ මෙවැනි සියලුම අන්තර්ජාල බිඳවැටීම් අභිබවා යාමට මෙම සිදුවීම සමත්ව තිබෙනවා. මෙම අඛණ්ඩ අන්තර්ජාල විසන්ධිය හේතුවෙන් ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.














