මැදපෙරදිග යුද්ධයත් සමඟ ඇති වූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වන විට සාර්ථකව කළමනාකරණය කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී QR ක්‍රමවේදය සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ඉවත් කිරීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ “ඉල් මහ විරු සැමරුම” වෙනුවෙන් අද (අප්‍රේල් 05) මාතර පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අප්‍රේල් මාසය තුළදී පමණක් ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව අනාවරණය කළේය. බලශක්ති අර්බුදය හමුවේ රජය විසින් නිවාඩු දිනයක් බවට පත් කළ බදාදා දිනය ඉදිරියේදී අවශ්‍ය පරිදි යළිත් සාමාන්‍ය වැඩකරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
ඉන්ධන සැපයුම් එකවර ලබා දීමට නොහැකි වූ අවස්ථාවේ ඇති වූ තත්ත්වයට මුහුණ දීම සඳහා QR ක්‍රමය, ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සහ බදාදා නිවාඩු දිනය වැනි ක්ෂණික පියවර ගත් බවත්, දැන් තත්ත්වය පාලනය කර ඇති බැවින් ජනතාව බිය විය යුතු නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














