ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රෙයෙසස් මහතා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු අනතුරු අඟවා ඇත්තේ, මෙවැනි ස්ථානයකට එල්ල වන ප්‍රහාරයක් මඟින් බරපතල න්‍යෂ්ටික අනතුරක් සිදු විය හැකි බවයි. එමඟින් ඇති වන සෞඛ්‍යමය බලපෑම් පරම්පරා ගණනාවක් විනාශ කිරීමට සමත් වන අතර, ගැටුම් උත්සන්න වීමත් සමඟ මෙහි පවතින අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ද තහවුරු කර ඇත්තේ මෙම න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ප්‍රහාරක මිසයිලයක් හෝ ෂෙල් වෙඩිල්ලක් පතිත වී ඇති බවත්, එහි සුන්බුන් වැදීමෙන් බලාගාරයේ සේවකයෙකු මියගොස් ඇති බවත්ය. 250,000 ක පමණ ජනගහනයක් වෙසෙන බුෂෙහ්ර් නගරයේ පිහිටි මෙම බලාගාරය, ඉරානයේ ක්‍රියාත්මක වන එකම න්‍යෂ්ටික බලාගාරය වන අතර එය එරට ප්‍රධානතම කාර්මික සහ මිලිටරි මධ්‍යස්ථානයක් ද වේ.














