ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ලබන අඟහරුවාදා රාත්‍රී 8 වන විට සියලුම නැව් සඳහා විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය දැඩි වචන භාවිතා කරමින් අනතුරු ඇඟවීමක් කර තිබේ එසේ නොවුවහොත් ඉරානයට අපායක් උදා කරන බවට සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුම හරහා ඔහු සඳහන් කර ඇති අතර ඉරානය පවසන්නේ මෙම ප්‍රකාශය අසමබර සහ මෝඩ ක්‍රියාවක් බවයි
ඉරානය විසින් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය ගෝලීය උද්ධමනයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී මේ අතර ඉරානයට ඉහළින් බිම හෙලන ලද අමෙරිකානු ප්‍රහාරක යානයේ අතුරුදන්ව සිටි දෙවන ගුවන් නියමුවා ද සාර්ථකව මුදාගත් බව ට්‍රම්ප් තහවුරු කර තිබේ කෙසේ වෙතත් එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයේ තෙල් සම්පත සිය පාලනයට ගැනීමට පවා පසුබට නොවන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම අතිශය දරුණු වී ඇත














