දකුණු කොරියානු පුද්ගලයෙකු විසින් රජයේ අනුමැතියකින් තොරව උතුරු කොරියානු ගුවන් සීමාවට ඩ්‍රෝන යානා ඇතුළු කිරීම හේතුවෙන් ඇති වූ අනවශ්‍ය මිලිටරි උණුසුම පිළිබඳව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් සිය කනගාටුව පළ කර තිබේ අද (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී ඔහු අවධාරණය කළේ මෙය රජයේ අභිප්‍රාය මත සිදු වූවක් නොවන අතර ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මෙවැනි තත්ත්වයක් උදා වූ බවයි මෙවැනි සිදුවීම් ඉදිරියේදී වැළැක්වීමට සිය රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
දකුණු කොරියානු බලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීමට එරට ජාතික බුද්ධි සේවා (NIS) නිලධාරියෙකු සහ සේවයේ නියුතු හමුදා නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවයි උතුරු කොරියාවට එරෙහිව මෙලෙස තනි පුද්ගල මට්ටමින් සිදුකරන ප්‍රකෝපකාරී ක්‍රියාවන් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහනම් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය ඉකුත් ජනවාරි මාසයේදී දකුණු කොරියාවෙන් පැමිණි ඩ්‍රෝන යානා තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට උතුරු කොරියාව චෝදනා කළ අතර ඒවා බිම හෙලීමට ද ඔවුන් පියවර ගෙන තිබුණි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකුට එරෙහිව ගුවන් සේවා සහ ජාතික ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම යටතේ නඩු පැවරීමට එරට අභිචෝදකයින් කටයුතු කර ඇත මෑත මාසවලදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාව සිය ප්‍රධානතම සතුරු රාජ්‍යය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ජනාධිපති ලීගේ පරිපාලනය විසින් සාමය සඳහා ගනු ලබන විවිධ උත්සාහයන් ඔවුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියි මෙම නවතම කනගාටුව පළ කිරීම හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික බිඳවැටීම යම් මට්ටමකට සමනය කරගැනීමට දකුණු කොරියාව අපේක්ෂා කරයි














