ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්හි තර්ජනය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පිහිටි ප්‍රධාන කතෝලික දේවස්ථානවල පාස්කු ඉරිදා දේව මෙහෙයන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ආරක්ෂක හේතූන් මත විශාල ජනහමු වැළැක්වීමේ රජයේ උපදෙස් පරිදි ඩුබායිහි ශාන්ත මේරි සහ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථාන මෙම තීරණය ගෙන ඇත.
මැදපෙරදිග කලාපය පුරා ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමක, බැතිමතුන්ට සිය නිවෙස්වල සිට අන්තර්ජාලය ඔස්සේ දේව මෙහෙයන්ට සම්බන්ධ වන ලෙස දන්වා තිබේ. යුදමය වාතාවරණය හමුවේ වුවද, එහි වෙසෙන දේශීය හා විදේශීය කිතුනු බැතිමතුන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පාස්කු පණිවුඩය වැළඳගනිමින් සිටින බව වාර්තා වේ.
කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඕනෑම හදිසි ප්‍රහාරයක් මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් සීරුවෙන් තබා ඇති අතර, මෙවර පාස්කු උත්සවය මැදපෙරදිග වෙසෙන කිතුනුවන්ට දැඩි අභියෝගාත්මක මෙන්ම සංවේදී අවස්ථාවක් වී තිබේ.














