ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට නිරිත දෙසින් පිහිටි ඉස්ලාම්ෂර් (Eslamshar) නගරයේ පදිංචි ගොඩනැගිල්ලකට අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි ෆාර්ස් (Fars) සහ නූර් (Nour) පුවත් සේවා මඟින් මෙම ප්‍රහාරය තහවුරු කර ඇති නමුත් අදාළ ගොඩනැගිල්ල ඉලක්ක කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත සෝදිසි කිරීම් සහ සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ද සැක පළ කෙරේ
මෙම ප්‍රහාරයේ වගකීම ඇමරිකාව හෝ ඊශ්‍රායලය විසින් මෙතෙක් භාරගෙන නොමැති නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර පැය කිහිපයකට පසු මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි ඉරාන යුද්ධය ආරම්භ වී සති පහක් ගතවන මොහොතක සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි
මෙම ප්‍රහාරය හමුවේ ඉරානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කලාපීය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉරාන බලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින ගැටුම තවදුරටත් උග්‍ර වීම ගෝලීය බලශක්ති සැපයුමට මෙන්ම ලෝක සාමයට ද විශාල තර්ජනයක් එල්ල කරමින් පවතින බව විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වටපිටාව ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ













