දිවුලපැලස්ස, තෙල්දෙණියාය 16ඇළ ප්‍රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු ඊයේ (05) සවස අනවසර විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 22, වැවපිටිය, දිවුලපැලස්ස පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ දිල්ශාන් රංජන (23) නමැති තරුණයෙකි. කුඹුරේ කිසිවෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දිවුලපැලස්ස පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපැලස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, වන සතුන් දඩයම් කිරීම හෝ වෙනත් අරමුණු වෙනුවෙන් මෙලෙස අනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.














