ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් “ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක නව සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන යටතේ කුඩා සහ මධ්‍ය පරිමාණ වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා විශේෂ සහනයක් හඳුන්වා දී ඇත. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් මෙතෙක් අය කළ සේවා ගාස්තුව (Merchant Discount Rate – MDR) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මෙරට මූල්‍ය ආයතන පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනගත කිරීම හරහා විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.














