ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ඉදිරි දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයට අදාළ පූර්ව සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. මීට අමතරව දැනට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා උපදේශක Maitrey Kulkarni, දේශපාලන උපදේශක ආචාර්ය Rambabu C. සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ද සහභාගී වූහ. මෙම සංචාරය හරහා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













