මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි අතර ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි ලබන සතියේ නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථන වාර්තාවට පෙර ඇය මෙම අදහස් පළ කළාය ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් එල්ල වූ දරුණුතම බාධාව බව ද ඇය සඳහන් කළාය
අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ නවතම පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත යුද්ධය සහ දැඩි මූල්‍ය කොන්දේසි හේතුවෙන් ලෝක ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ ද මත පළ කරති වසංගතයෙන් පසු ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවති බැවින් මෙම යුද්ධය ඇති නොවූයේ නම් 2026 වසරේදී 3.3% ක වර්ධනයක් අපේක්ෂා කළ බව ද ජෝර්ජියේවා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා බලශක්ති මිල ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ බලශක්ති පිරිවැය ඉහළ යාම නිෂ්පාදන සහ ප්‍රවාහන වියදම් ඉහළ නැංවීමට හේතු වන අතර එමඟින් ලොව පුරා පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යනු ඇත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙම අර්බුදය හමුවේ ලෝක නායකයන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි














