ඉරාන යුද්ධයෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තුවක් අය කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ මෙම උපායමාර්ගික වැදගත්කමක් ඇති මුහුදු මාර්ගය කෙරෙහි සෘජු ඇමෙරිකානු හමුදා පාලනයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන අතර ඉරානයට එම ගාස්තු අය කිරීමට ඉඩ දෙනවාට වඩා තමන් එය ලබා ගැනීමට කැමති බව ඔහු අවධාරණය කරයි තමන් යුද්ධයෙන් ජයග්‍රහණය කර ඇති බැවින් එවැනි ගාස්තුවක් අය කිරීමේ අයිතිය ඇමෙරිකාවට පවතින බව ද ඔහු පවසා ඇත
ගෝලීය තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම සමුද්‍ර සන්ධිය වොෂින්ටනයේ කොන්දේසිවලට යටත්ව වහාම විවෘත කළ යුතු බවට ට්‍රම්ප් ඉරානයට අවසන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ එසේ නොමැති වුවහොත් ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර ඇතුළු සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඔහු තර්ජනය කර ඇත ඉරානය දැනටමත් යුදමය වශයෙන් පරාජය වී ඇති බව පවසන ට්‍රම්ප් ඉදිරියේදී ඇති කරගන්නා ඕනෑම ගිවිසුමකට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව සඳහන් කරයි
කෙසේ වෙතත් ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා ද නැව්වල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කෙරෙන නව කළමනාකරණ විධිවිධාන ඉල්ලා සිටියි මෙම පුවතත් සමඟ අද උදෑසන වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සිනොපෙක් (Sinopec) සමාගම ද මෙරට සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ නංවා තිබේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති මෙම තර්ජනය හමුවේ ලෝක ආර්ථිකයට ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක වනු ඇත














