ඇමෙරිකානු උප ජනාධිපති ජේඩී වෑන්ස් (JD Vance) හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්ගේ (Viktor Orban) මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීම සඳහා අද (07) පස්වරුවේ බුඩාපෙස්ට් නුවරට පැමිණීමට නියමිතය ලබන ඉරිදා (අප්‍රේල් 12) පැවැත්වීමට නියමිත තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය ඕර්බන්ගේ වසර 40 ක දේශපාලන ජීවිතයේ දරුණුතම අභියෝගය ලෙස සැලකෙන අතර ට්‍රම්ප් පාලනාධිකාරිය සිය ප්‍රබල යුරෝපීය මිතුරා වෙනුවෙන් මෙලෙස සෘජුවම මැදිහත් වී තිබේ පසුගිය මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඕර්බන් වෙත සිය පූර්ණ සහාය පළ කරමින් විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබුණි
වික්ටර් ඕර්බන් මෙවර මුහුණ දී සිටින්නේ සිය පක්ෂයෙන්ම බිඳී ගිය පීටර් මැග්යාර් (Peter Magyar) ප්‍රමුඛ තිසා (Tisza) පක්ෂයේ දැඩි අභියෝගයකටය බොහෝ මත විමසුම්වලට අනුව විපක්ෂය ඕර්බන්ගේ පක්ෂයට වඩා 10% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ රුසියානු තෙල් සමාගම්වලට පනවා ඇති සම්බාධකවලින් හංගේරියාවට නිදහස ලබා ගැනීමට ට්‍රම්ප් සහ ඕර්බන් අතර පවතින පෞද්ගලික සබඳතාව දැඩිව බලපා ඇති අතර ඕර්බන් පරාජය වුවහොත් එම සහන අහිමි වීමේ අවදානමක් ද පවතී
යුක්රේනය හරහා වැටී ඇති ඩ්‍රූෂ්බා (Druzhba) තෙල් නල පද්ධතිය අවහිර වීම සහ සර්බියානු දේශසීමාවේ ගෑස් නල පද්ධතියක් ආශ්‍රිතව පුපුරණ ද්‍රව්‍ය හමුවීම වැනි සිදුවීම් හංගේරියාවේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි බලපෑමක් එල්ල කර ඇත හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය හමුවේ ලෝක බලශක්ති මිල ඉහළ යමින් පවතින මොහොතක හංගේරියාවේ මෙම මැතිවරණ ප්‍රතිඵලය යුරෝපයේ අනාගත දේශපාලන ගමන් මග තීරණය කිරීමට ද ඉවහල් වනු ඇත අද දිනයේ සිනොපෙක් (Sinopec) සමාගම ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන මිල ඉහළ නැංවූ පසුබිමක ලෝකය පුරා බලශක්ති සහ දේශපාලන අර්බුදයන් එකිනෙක බැඳී පවතින බව පෙනී යයි














