මධ්‍යම රුසියාවේ ටාටාස්තාන් (Tatarstan) කලාපයේ පිහිටි නිශ්නෙකාම්ස්ක්නෙෆ්ටෙකිම් (Nizhnekamskneftekhim) රසායනික කර්මාන්තශාලාවේ ඇති වූ දැවැන්ත ගින්නෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම් අවසන් කර ඇති අතර, එහිදී මියගිය මුළු සංඛ්‍යාව 12ක් බව එම කර්මාන්තශාලාවේ හිමිකාරීත්වය දරන සිබුර් (Sibur) සමාගම අද (07) නිවේදනය කළේය. මියගිය පිරිස අතර එක් ගිනි නිවන භටයෙකු ද වන අතර තවත් පුද්ගලයන් දස දහස් ගණනක් තුවාල ලබා තිබේ.
කෘතිම රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන මෙම මධ්‍යස්ථානයේ පීඩනය අඩුවීම හේතුවෙන් වායු මිශ්‍රණයක් පිපිරී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. කෙසේ වෙතත්, වායුව ජ්වලනය වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මොස්කව් නුවර සිට පැමිණි විශේෂ ගුවන් යානයක් මගින් තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අගනුවර වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.















