රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට පැමිණි මොවුන්, ගුවන් තොටුපළ හරිත මාවත (Green Channel) ඔස්සේ කිසිදු රේගු ප්‍රකාශ කිරීමකින් තොරව මෙම ඖෂධ රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගු නිලධාරීන් පවසයි.
සැකකරුවන් සතු වූ ගමන් මලු 08ක් පරීක්ෂා කිරීමේදී විවිධ වර්ගයේ එන්නත්, පෙති, කරල් සහ ආලේපන වර්ග රැසක් සොයාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු පූර්ව අවසරයකින් තොරව මෙම ඖෂධ තොගය මෙරටට රැගෙන විත් ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














