Artemis II මෙහෙයුමේ සජීවී විකාශය අතරතුර ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය තුළ නුටෙල්ලා බෝතලයක් බර රහිතව පාවෙමින් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබේ. ඇපලෝ 13 මෙහෙයුමට පසු මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය පසු කිරීමට මොහොතකට පෙර මෙම දර්ශනය වාර්තා වීම විශේෂත්වයකි.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ප්‍රචාරය වූ අතර, බොහෝ දෙනා මෙය නුටෙල්ලා නිෂ්පාදන ආයතනය විසින් සිදුකළ සූක්ෂ්ම වෙළඳ දැන්වීමක් දැයි ප්‍රශ්න කර සිටියහ. රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන අභ්‍යවකාශගාමීන් හතර දෙනා සඳ වටා යන මෙම ඓතිහාසික ගමනේ නිරතව සිටියදී මෙම “නුටෙල්ලා ආගමනය” සිදුවිය.
බොහෝ පිරිසක් මේ පිළිබඳව හාස්‍යජනක අදහස් පළ කර තිබූ අතර, මිනිසුන්ටත් වඩා වේගයෙන් නුටෙල්ලා අභ්‍යවකාශයට ගොස් ඇති බවට ද ඇතැම්හු විහිළු තහළු කර තිබුණි. කෙසේ වෙතත්, මෙය අහඹු ලෙස සිදුවූවක්ද නැතහොත් සැලසුම් සහගත ප්‍රචාරණ කටයුත්තක්ද යන්න පිළිබඳව නාසා ආයතනය ඉදිරියේදී වැඩිදුර තොරතුරු අනාවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














