දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (07) පස්වරු 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය බලපානු ඇත. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබේ. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට සහ තමාගේ මෙන්ම දේපළවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවට මතක් කර දෙයි.














