පාර්ලිමේන්තුව හෙට (08) දිනටත් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල් තැබීමේ එක්දින විවාදයක් හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. රජය විසින් අද දින ප්‍රකාශයට පත් කළ සහන මාලාව සහ පවතින ආර්ථික හා දේශපාලන වාතාවරණය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














