ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (07) දින දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (සඳුදා) දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.73 සිට රුපියල් 311.72 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති අතර, විකුණුම් මිල වෙනසක් නොවී රුපියල් 319.25ක් ලෙස නොවෙනස්ව පවතී.
කෙසේ වෙතත්, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් විදේශීය මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේදී තරමක් පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.














