මෙරට ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින්, ඔවුන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ විශේෂ ප්‍රතිපත්ති රාමුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් විනිවිද පෙනෙන සහ කුසලතා මත පදනම් වූ ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය ස්ථාවරත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වුවද, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ ක්‍රීඩාවෙන් සමුගැනීමේ ප්‍රවණතාවක් පවතින බව රජය හඳුනාගෙන ඇත. මීට පෙර ක්‍රීඩකයන් සඳහා වැඩි වශයෙන් රැකියා අවස්ථා විවෘත වූයේ ත්‍රිවිධ හමුදාව තුළ පමණක් වුවත්, එම අවස්ථා සීමිත වීම හේතුවෙන් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර තිබේ. මෙමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ආර්ථික මට්ටම ඉහළ නංවා, ඔවුන් දිගුකාලීනව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ රඳවා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීමට රජය බලාපොරොත්තු වෙයි.














