• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 14කින් ඉහළට

2024 ජන සංගණන වාර්තාව ජනපතිට භාර දෙයි

7 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ජනගහනය  ලක්ෂ 14කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාවට අනුව මෙරට සමස්ත ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ අසූ එක්දහස් අටසියයක් (21,781,800) දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දුන් මෙම වාර්තාවට අනුව, 2012 වසරේ පැවති සංගණනයට සාපේක්ෂව ගෙවුණු වසර 12 තුළ මෙරට ජනගහනය 1,422,361කින් වැඩි වී ඇත. මෙවර සංගණනය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ටැබ් පරිගණක සහ සුහුරු දුරකථන වැනි ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් සිදු කිරීම සුවිශේෂී කරුණකි.
සංගණන දත්තවලට අනුව මෙරට ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වන අතර එය සමස්තයෙන් සියයට 51.7ක් හෙවත් එක්කෝටි දොළොස් ලක්ෂ හැට නවදහස් හාරසිය පනස් හයක (11,269,456) අගයක් ගනී. පුරුෂ ජනගහනය සියයට 48.3ක් හෙවත් එක්කෝටි පනස් එක් ලක්ෂ දොළොස්දහස් තුන්සිය හතළිස් හතරක් (10,512,344) ලෙස සටහන් වේ. ඒ අනුව මෙරට කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා හත් ලක්ෂ පනස් හත්දහස් එකසිය දොළොසකින් වැඩි වී ඇති අතර, සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව (පුමිතිරි අනුපාතය) 93.3 දක්වා සුළු වශයෙන් පහත වැටී තිබේ.
දිස්ත්‍රික්ක මට්ටමින් සැලකීමේදී වැඩිම ජනගහනය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 2,436,142කි. කොළඹ දිස්ත්‍රික්කය 2,375,415ක ජනගහනයක් සහිතව දෙවන ස්ථානයටත්, කුරුණෑගල දිස්ත්‍රික්කය 1,768,156ක ජනගහනයක් සහිතව තෙවන ස්ථානයටත් පත්ව ඇත. දිවයිනේ අඩුම ජනගහනය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 122,619කි. එසේම වෙනත් දිස්ත්‍රික්කයක හෝ රටක සිට දැනට පදිංචි දිස්ත්‍රික්කයට පැමිණි සංක්‍රමණික ජනගහනය 3,167,263ක් වන අතර ඉන් වැඩිම පිරිසක් පදිංචිව සිටින්නේ ද ගම්පහ දිස්ත්‍රික්කයේය.
වයස් කාණ්ඩ අනුව විග්‍රහ කිරීමේදී මෙරට වැඩකරන ජනගහනය ලෙස සැලකෙන අවුරුදු 15ත් 59ත් අතර පසුවන පිරිස එක්කෝටි තිස් තුන් ලක්ෂ පනස් තුන්දහස් අටසිය තිස් හතක් (13,353,837) ලෙස වාර්තා වේ. වයස අවුරුදු 14ට අඩු ළමා ජනගහනය හතළිස් පස් ලක්ෂ හයදහස් අටසිය තිස් නවයක් (4,506,839) වන අතර, අවුරුදු 65 හා ඊට වැඩි වැඩිහිටි ජනගහනය විසි හත් ලක්ෂ තිස් හත්දහස් අටසිය දහහතරක් (2,737,814) ලෙස මෙවර සංගණනයේදී තහවුරු වී ඇත. මෙම නිල දත්ත ඉදිරි දශකය සඳහා මෙරට ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඉතා වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
Post Views: 4
Previous Post

MrBeast ගේ ඩොලර් මිලියනයක අභියෝගය ජයගත් YourRAGE එම මුදල සිය රසිකයන්ට තෑගි කරයි

Next Post

අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා විදුලිය ලබාදීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Editor TTV News

Editor TTV News

Next Post
අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග  සඳහා විදුලිය ලබාදීමට රජයෙන්  විශේෂ වැඩපිළිවෙළක්

අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා විදුලිය ලබාදීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

කොළඹ ඩොක්යාඩ් සහ ඉන්දීය ඩ්‍රෙජින් කෝපරේෂන් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

7 April 2026
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස  තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

7 April 2026
අප්‍රේල් මුල් දින පහේදී  සංචාරකයින් 26,800ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

අප්‍රේල් මුල් දින පහේදී සංචාරකයින් 26,800ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

7 April 2026

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 7,500ක් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ඩොක්යාඩ් සහ ඉන්දීය ඩ්‍රෙජින් කෝපරේෂන් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

7 April 2026
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස  තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved