පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (07) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ලබුගම සහ කලටුවාව පෝෂක ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යාම හේතුවෙන් ජල නිෂ්පාදනය සීමා කිරීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව අද (07) පස්වරු 8.00 සිට හෙට (08) පෙරවරු 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම ජල කප්පාදුව බලපාන ප්‍රදේශ වන්නේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියදගල පාර සහ දොලේකඩේ හන්දියයි. මීට අමතරව කුඩමාදුව 255 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශයටත්, පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ජල සැපයුම යථා තත්ත්වයට පත් වූ පසු පාරිභෝගිකයින්ට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.















