• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොරොච්චෝලේ ගල්අඟුරු ප්‍රසම්පාදනයේ බරපතළ වංචා රැසක්

විශේෂ විගණන වාර්තාවෙන් හෙළි වෙයි

7 April 2026
in දේශීය, පුවත්
නොරොච්චෝලේ  ගල්අඟුරු ප්‍රසම්පාදනයේ  බරපතළ වංචා රැසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලක්විජය බලාගාරය සඳහා 2025/2026 වාරයේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාව මඟින් බරපතළ අක්‍රමිකතා රැසක් අනාවරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) දැනුම්දීමකට අනුව සිදුකළ මෙම විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, අදාළ ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ට් (Trident) සමාගම ලංසු කැඳවන දිනටත් සිය ලියාපදිංචිය පවා සම්පූර්ණ කර නොතිබූ බවයි.
මෙම විගණන වාර්තාවට අනුව ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ට්‍රයිඩන්ට් සමාගම විසින් යොදාගත් පරීක්ෂණාගාරයේ බලපත්‍රය 2025 දෙසැම්බර් මාසයේදී අහෝසි වී තිබූ එකක් බව හෙළි වී ඇති අතර 2026 මාර්තු වන විටත් එම බලපත්‍රය යාවත්කාලීන කර තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. එසේම පැටවුම් වරායේ වාර්තා සහ බලාගාරයේ දත්ත අතර පැහැදිලි පරස්පරතා තිබියදීත්, ඒ පිළිබඳ සොයා බැලීමට ලංකා ගල්අඟුරු සමාගම පියවර ගෙන නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. ගල්අඟුරු ගොඩබෑ හැකි උපරිම කාල සීමාව වූ 2025 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා දින 40ක කාලය තුළ කිසිදු නැව්තොගයක් ගෙන්වා ගැනීමට සමාගම අපොහොසත් වීම ද මෙහිදී කැපී පෙනෙන කරුණකි.
පසුව සිදුකළ ක්ෂණික ප්‍රසම්පාදනවලදී පවා නුසුදුසු සමාගම් තෝරාගෙන ඇති අතර, මෙම තත්ත්වය මත ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බව වාර්තාවේ සඳහන් වේ. අවම තාපජනන අගයක් සහිත ගල්අඟුරු සැපයූ සහ මීට පෙර ප්‍රතික්ෂේප වූ සමාගම් වෙතම නැවත ප්‍රසම්පාදනයන් ලබා දීම හරහා රජයට සිදුව ඇති පාඩුව පිළිබඳව ද මෙහිදී දැඩි අවධානය යොමු කර ඇත. මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

යාපනයේ කෝවිලක බැතිමතුන්ගේ රන් මාල සොරාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

ගෙවීම් ප්‍රචලිත කිරීමට QR ක්‍රමවේදය ඉතා හොඳ පියවරක්

Editor TTV News

Editor TTV News

Next Post
ගෙවීම් ප්‍රචලිත කිරීමට  QR ක්‍රමවේදය ඉතා හොඳ පියවරක්

ගෙවීම් ප්‍රචලිත කිරීමට QR ක්‍රමවේදය ඉතා හොඳ පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2029 ලෝක බැංකු සහ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වාර්ෂික හමුව අබුඩාබි නුවරදී

2029 ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව අබුඩාබි නුවරදී

11 April 2026
නිසාන් ශ්‍රී ලංකා වෙතින්  අප්‍රේල් මාසයේදී  රුපියල් 125,000 දක්වා  නොමිලේ ඉන්ධන

නිසාන් ශ්‍රී ලංකා වෙතින් අප්‍රේල් මාසයේදී රුපියල් 125,000 දක්වා නොමිලේ ඉන්ධන

11 April 2026
මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත්  රටවලට අයි.එම්.එෆ් වෙතින්  ඩොලර් බිලියන 50ක  මූල්‍ය ආධාර

මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත් රටවලට අයි.එම්.එෆ් වෙතින් ඩොලර් බිලියන 50ක මූල්‍ය ආධාර

11 April 2026
චමරි අතපත්තු  ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට  පත් වෙයි

චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට පත් වෙයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සූරියවැව සූදු පොළක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන්ට පහර දීලා සැකකරුවන් 3ක් අත්අඩංගුවට

සූරියවැව සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීලා සැකකරුවන් 3ක් අත්අඩංගුවට

11 April 2026
2029 ලෝක බැංකු සහ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වාර්ෂික හමුව අබුඩාබි නුවරදී

2029 ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව අබුඩාබි නුවරදී

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved