කොළඹ 14, සිරිමුතු උයන නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘මෙට්‍රෝ අප්ලිෆ්ට්’ (Metro Uplift) වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (අප්‍රේල් 07) සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී නිවාස ඒකක 14,714ක් ආවරණය වන පරිදි යටිතල පහසුකම් නඟාසිටුවීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු විය.
රුපියල් ලක්ෂ 300කට ආසන්න පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස සංකීර්ණයේ අක්‍රිය වී පවතින විදුලි සෝපාන අලුත්වැඩියා කිරීම, මළ සහ ජල අපවහන නළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය. නාගරික නිවාසලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන් මුහුණ දෙන දෛනික අපහසුතා මඟහරවාලීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතුව සහ කඩිනමින් මෙම සංවර්ධන කටයුතු නිම කරන ලෙසයි. මෙමඟින් සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ පදිංචි දහස් සංඛ්‍යාත ජනතාවට වඩාත් ආරක්ෂිත සහ පහසු ජීවන වටපිටාවක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














