අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සති කිහිපයක් තිස්සේ ඉරානයේ යුද මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හමුවේ වුවද, තම රට සතු යුද ශක්තිය තවමත් හීන වී නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග තොරතුරු වාර්තා කරන Middle East Spectator වෙබ් අඩවියට අනුව, ඉරානය මේ බව දැනුම් දී ඇත්තේ දෙරට අතර සාකච්ඡාවලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්ථානය හරහාය.
ඉරානය පවසා ඇත්තේ තමන් සතුව තවමත් බැලිස්ටික් මිසයිල 15,000කට අධික ප්‍රමාණයක් සහ විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා (Drones) 45,000ක් පමණ ගබඩා කර ඇති බවයි. අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර ඇස්තමේන්තු කර තිබුණේ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මිසයිල ශක්තිය අඩකින් පමණ අඩු වී ඇති බව වුවද, ඉරානය මෙම පණිවුඩය හරහා සංඥා කරන්නේ තමන් තවමත් දීර්ඝකාලීන යුද්ධයකට සූදානම් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති ‘අවසන් හෝරාව’ (Deadline) සම්බන්ධයෙන් සාකච්ඡා පවතින පසුබිමක, ඉරානය මෙලෙස සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම සාකච්ඡා මේසය තුළ සිය වාසිය තබා ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති. කෙසේ වෙතත්, අමෙරිකාව පවසන්නේ ඉරානයේ ආයුධ නිෂ්පාදන මධ්‍යස්ථාන රැසක් දැනටමත් විනාශ කර ඇති බැවින්, ඉරානය පවසන මෙම සංඛ්‍යාලේඛනවල සත්‍යතාව පිළිබඳව සැක පවතින බවයි.
තොරතුරු උපුටා ගැනීම: Middle East Spectator සහ ජාත්‍යන්තර ආරක්ෂක වාර්තා ඇසුරින්














